For Original Article :  Visit http://helpitlanka.blogspot.com

තව දින 2කින් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය එලිදක්වන බව මයික්‍රොසොෆ්ට් සමාගම අනාවැකි කිවුවා. ඊට කලින් මේ ආකාරයි කියලා දැනගන්න වින්ඩෝස් 8 සංස්කරණයක් එලිදැක්වුවා. ඉතින් මේ වෙනකොට වින්ඩෝස් 8 ගැන නොදන්න කෙනෙක් නැති තරම්. මයිකොසොෆ්ට් සමාගමට අනුව ඔවුන් විසින් වින්ඩෝස් 8 සංස්කරණයන් කීපයක්ම එලිදැක්වීමට සුදානමින් සිටිනවා. ඒවායේ පහසුකම් එකිනෙක වෙනස්. Starter, Home Basic, Home Premium, සහ  Ultimate සංස්කරනයන් මේ අතර තියනවා. 



Windows RT 

Windows RT කියන්නේ ඉතාමත් පැටලිලි සහගත සංස්කරණයක් ලෙසයි විචාරකයින් දක්වන්නේ. මේ සංස්කරණය විශේෂයෙන් නිර්මණය කරලා තියෙන්නේ tablets පරිගණක වෙනුවෙන්. මේ සංස්කරණයේදී දැනට බාවිතා කරන මෘදුකාංග නම් බාවිත කරන්න වෙන්නෙ නෑ. යම් හෙයකින් Windows RT මිලට ගතහොත් Metro ආකාටයේ යෙදවුම් බාවිතා කරන්න සිදු වෙනවා. desktop ආකාරයේ පරිගණකයකදී නම් මයික්‍රොසොෆ්ට් සමාගමේ නිශ්පාදනයන් වන  Microsoft Office වැනි දේට පමණක් සහය දක්වනවා.ඒ කියන්නේ තෙවන පාර්ශවීය මෘදුකාංග වලට සහය දැක්වීමත් මේ මගින් කෙරෙන්නෙ නෑ 

Windows RT කියන්නේ Windows කියන එකයි. මුලින් WinRT ලෙසින් නම් කරලා පසුව Windows RT ලෙසම නම් කලා. ඉතින් Microsoft Surface tablet වල මුලින්ම දාවනය උනේ Windows RT නමුත් මෙහිදි ඔබගේ ප්‍රියතම වින්ඩෝස් යෙදවුම බාවිතා කිරීමේ නොහැකියාව නිසා Surface tablet  වල ජනප්‍රියත්වය අඩු උනා. ඉතින් දැන් නිශ්පාදනය වන සියලුම Surface tablet වලට බාවිතා කරන්නේ Windows 8 Pro මිස Windows RT නොවේ. 



මුල් Windows RT මේ ආකාරයෙන් කරදරකාරී උනත් පසුව නිර්මාණය උන වින්ඩෝස් 8 සංස්කරණයන් ඉතාමත් සරල බවින් යුතු උනා.  

Windows 8 – වින්ඩෝස් 8 වල ප්‍රදාන සංස්කරණය නම් කර් ඇත්තේත් Windows 8 ලෙසින්මයි. මේ මෙහෙයුම් පද්දතිය අරමුණු කරගෙන ඉන්නේ සාමානය බාවිතා කරන්නන් එහෙම නැත්නම් home users වෙනුවෙන්. එය වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියේ “Home Premium” සංස්කරණයට අතිශයින් සමානයි. වින්ඩෝස් 8 සංස්කරණයේදී සාමානයය පුද්ගල පරිගණකයකදී ඔබ බලාපොරොත්තු වන සියලුම ගුණාන්ග ලබාගැනීමේ හැකියාව පවතිනවා. සාම්ප්‍රදායික වින්ඩෝස් යෙදවුම් සියල්ලටම මේ සංස්කරණය සහය දක්වනවා. නමුත් මෙ සියල්ල සිදු කරන්නේ වින්ඩෝස් 8 වල වැඩිදියුණු කල යෙදුමක් වන Metro මත සිටයි. ඉතින් Surface tablet වල් තිබුන් මේ Metro පහසුකමත් එක්කම වින්ඩෝස් 8 සංස්කරණය ජකප්‍රිය වෙයි කියලා මයික්‍රොසොෆ්ට් සමාගම සිතාගෙන් ඉන්නවා. 

Windows 8 Pro – මේතාක් ඉදිරිපත් කල සියලුම වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලදී මෙන් වින්ඩෝස් 8 වලදීඑත් එහි Pro සංස්කරණයක් ඉදිරිපත් වෙනවා. මෙයි ප්‍රදාන වශයෙන් අරමුණු කරගෙන සිටින්නේ කර්මාන්ත ආශ්‍රිත පරිගණක වලටයි.මෙහිදී group policy support, remote desktop server capabilities, Windows domain support, encrypting file system, virtual hard disk booting, වැනි පහසුකම් වගේම වින්ඩෝස් 7 වලදී හදුන්වාදුන් BitLocker පහසුකමත් අත්විදින්න පුලුවන්. 

Windows 8 Enterprise – මෙයත් සාම්ප්‍රදායික වින්ඩෝස් enterprise සංස්කරණයමයි. එය volume licenses ආකාරයෙන් මහාපරිමාණයෙන් ලබාගන්න පුලුවන්. මේ තුලත් Windows 8 Pro සංස්කරණයේ පහසුකම් ඇතුලත් වෙනවා. 



Windows 8 N - වින්ඩෝස් n ආකාරයේ සංස්කරණයක් ඉදිරිපත් වන බවත් මයික්‍රොසොෆ්ට් අනාවැකි පල කරනවා. විශේෂයෙන් යුරෝපා රටවල් අරමුනු කරගෙන මේ සංස්කරණය එලි දක්වන් බව සදහන් උනත් මෙහි වැඩි විස්තරයක් තවම එලි දක්වලා නෑ. 

ඕනේම ආකාරයේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ද්තියක් මිලට ගත්තද ඒ සමග “Windows Anytime Upgrade” පහසුමක ලැබෙනවා. ඒ මගින් පහත් සංස්කරණයන් සියල්ල ඉතාමත් සරලව ඉහල සංස්කරණයකට මාරු කරගන්න පුලුවන්.



වින්ඩෝස් 8 නිර්මාණය ඇරබුනේ 2009 වසරේදී. එදා සිට අද දක්වා ඔවුන් යම් යම් සංස්කරණයන් නොමිලේ ලබාදෙමින් මේහි අඩුපාඩු නිවැරදි කල. මුලින්ම  Developer Preview (සැප්තැම්බර් 13, 2011), Consumer Preview (පෙබරවාරි  29, 2012), සහ Release Preview (මැයි 31, 2012) ලෙසින් පරීක්ශා කිරීමේ පිටපත් නිකුත් කලා. 

මේ ආකාරයෙන් වසර ගනනාවක වින්ඩෝස් 8 පරීක්ශණ වල ප්‍රතිඵල මොනවාද? 

Faster Startup

පරිගණකයක් බාවිතයේදී අපි බලාපොරොත්තු වන මූලික දෙයක් තමයි ඉක්මනින් පරිගණකය ඔන් වීම එහෙම් නැත්නම් බූට් වීම. වින්ඩෝස් 8 බූට් ටයිම් එක ඉතාමත් අඩු කරලා තියනව. පැරණි සංස්කරණ වලදී මෙහෙයිම් පද්දතිය සහ අනෙකිත් තෙවන පාරිශවීය මෘදුකාංග වල මූලික කොටස් පවා මතකයට ගෙනයි පරිගණකය බූට් උනේ. නමුත් වින්ඩෝස් 8 වලදී මෙහෙයුම් පද්දතිය පමණක බූට් කරන අතර තෙවන පාරිශවීය මෘදුකාංග පරිශීලකයාගේ අවශයතාවය පරිදි ලෝඩ් කර දෙනවා. .

Task Manager



පැරණි මෙහෙයුම් පද්දති වල task manager පහසුකම් හා සැසදීමේදී වින්ඩෝස් 8 වල  task manager පහසුමක ඉතාමත් ප්‍රබල ආකාරයෙන් නිර්මාණයි කර තිබෙනවා.වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් අඩංගු කර තිබෙන අතර ප්‍රතිචාර නොදක්වන එහෙම නැත්නම් unresponsive ආකාරයේ වැඩසටහන් ඉතාමත් ඉක්මනින් ඉවත් කිරීමේ හැකියාව් මෙයට පවතින බවයි දක්වන්නේ.

Windows Explorer



Windows Explorer වෙනුවෙනුත් අලුත්ම රිබන් ආකාරයේ අතුරුමුහුනතක් හදුන්වා දී තිබෙනවා. ribbon ආකාරයට අකමැති නම් සාම්ප්‍රදායිම Windows Explorer  වලට යාමේ හැකියාවත් මීට එකතු කරලා තියනවා. 

Improved Security

පරිගණක ආරක්ශාව ගැන මේ කාලයේ බොහෝ දෙනා වැඩි අවදානය යොමු කරනාවා. වින්ඩෝස් XP වලත් පසුකාලීනව මහාපරිමාණයේ අනාරක්ශිත තැන් සොයාගනු ලැබුවා. ඉතින් වින්ඩෝස් 8 වලදීත් ආරක්ශාව ගැන වැඩි අවදානය යොමු කරලා තියන බවක් පෙනෙනවා. මයික්‍රොසොෆ්ට් විසින් අදුන්වා දුන් ප්‍රතිවයිරස් මෘදුකාංගය වන  Microsoft Security Essential  වැඩි දියිණු කිරීමක් සිදු වෙලා තියනවා. නමුත් මේ මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය  ගැන නම් හරියටම බලන්න වෙන්නෙ වින්ඩෝස් 8 ස්තාපිත කරගෙනම තමයි 

Refresh & Reset



පරිගණකයකට අලුත් මෙහෙයුම් පද්දතියක් ස්තාපිත කරනවාට වඩා ලේසියෙන් තියන මෙහෙයුම් පද්දතිය යාවත්කාල කරන්න පුලුවන්. ඉතින් මේ වෙනුවෙන් වින්ඩෝස් 8 හොදින් සහය දක්ව

ඉතින් වින්ඩෝස් 8 සමගම මයික්‍රොසොෆ්ට් සම්ගමේම නිර්මාණයක් වන Surface ලැප්ටොප් ආකාරයේ පරිගණකයත් එලි දක්වන්න සූදානම් බවයි කියන්නේ. මේ පරිගණකය සමග වින්ඩෝස් 8 සංස්කරණයන් 2ක් ලබා ගන්න පුලුවන් කම තියනවා. Surface for Windows 8 සහ  Surface for Windows RT කියන සංසකරණයන් දෙකයි ඒ.මෙහි,  10.6″ තිරය පවතිනවා. ඒ වගේම MicroSD, USB2, සහ  Micro HD video කියන පෝට් වර්ගත් MicroSDXC, USB3.0, mini DisplayPort පෝර්ට් වර්ගත් දකින්න පුලුවන්. 






About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
මේ වැඩේට අපිට ඔනේ වෙන්නෙ සැහැල්ලු සොෆ්ට් එකක්......
ඉස්සරලම බලමු ඒක මොකක්ද කියලා....
3DP CHIP
මේක බාගන්න ලින්ක් එක පහලින් දෙන්නම්........


මේ ලින්ක් එකට ගියහම ඔයවගේ එකක් ඕපන් වෙයි...... 
මෙතනයි ක්ලික් කොරන්න ඔනේ
ආයෙ ඒක ආපුවහම මෙතන කොටන්න  Latest 3DP Chip Download
එතකොට පොඩි සොෆ්ට් කැල්ලක් බාගත වෙයි....

ඒක බාගත උනහම ඔපන් කරහම මෙහෙම ආවනම් ගොඩ.....


ඔය CLIK කියල තියෙන ඒවා ක්ලික් කරපුවහම..............
ඔයා ඔන්ලයින් ඉන්නවනම් ඔයාගෙ බ්‍රව්සරය ඕපන් වෙලා SITE එකකට යනවා.....
මේ පහල තියෙනවා වගේ.............



ඔයාගෙ os එක තොරලා අලුත්ම ඩ්‍රයිවර්ස් බාගන්නයි තියෙන්නෙ.....
වැඩේ හරිනම් කරල මටත් කියන්න... කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා....

NOTE: This tutorial is for educational purposes only, I am NOT responsible in any way for how this information is used, use it at your own risk.

DDOS ඇටෑක් එකක් මගින් වෙබ් සර්වරයක් තාවකාලිකව අඩපන කරන ආකාරය මං කලින් පෝස්ට් එකක් කියලා දුන්නා. මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වන්නේ DNS Spoofing ආකාරයේ හැකින් ඇටෑක් එකක් කරන අකාරය පැහැදිලි කරන්නයි. 


අපි මුලින්ම අදුනා ගමු DNS Spoofing ඇටෑක් එකක් කියන්නේ මොකද්ද කියලා. ඔයාලා දන්නවා සියලුම වෙබ් අඩවි වල නාමාවලීන් සහිත රූට් සර්වර් කීපයක් ලෝකයේ තැන තැන තියන බව. අපේ අන්තර්ජාල සේවා සපයන්නා සම්බන්ද වී ඇතී මේ රූට් සර්වර්ස් වලින් තමයි අපි ඉල්ලන වෙබ් අඩවිය ලබාදීමක් කරන්නේ. ඉතින් DNS Spoofing වලදී මූලිකවම කරන්නේ අපි ඉල්ලන වෙබ් අඩවියට අපිව යොමු නොකර වෙනත් වෙබ් අඩවියකට අපිව නිරන්තරයෙන් යොමු කරවීම. DNS Spoofing ඇටෑක් එකෙන් කරන්නේ අපි ඉල්ලන URL පාත් එක නොමග යවන එක. පහල රූපය බලන්න. අපි සරලවම redirects කරනවා කියලා කියන්නේ මේකටයි. 




උදාහරණයක් ලෙස අපි හැක් කරන්න හදන කෙනා උත්සාහ කරන්නේ www.facebook.com වෙබ් අඩවියට යන්න නම් මේ ඇටෑක් එකෙන් හැකියාව තියනවා එයාව www.myspace.com වෙත redirects කරන්න.

හොදයි අපි වැඩේ පටන්ගමු. මේ සදහා අපිට Cain & Abel කියන මෘදුකාංගය බාවිත කරන්න වෙනවා. ඉතින් මේ මෘදුකාංගයේ දැනට තියන සංස්කරණයන් බාවිතා කරන්න පුලුවන් වින්ඩෝස් 9x, 2000, xp  සමග පමණයි. ඉක්මණන්ම වින්ඩෝස් 7 සමග බාවිතා කරන්න පුලුවන් සංස්කරණයකුත් හොයලා දෙන්නම්. පහල ලින්කුවෙන් බාගත කරගන්න පුලුවන්. 

සරල පියවර කීපයකින් අපිට හැකියාව තියනවා මේ මෘදුකාංගය ස්තාපිත් කරගන්න. පහල රූපයන් වල මං පියවර කීපයක් දක්වලා තියනවා. ඉතින් මේවා හැකිං වෙනුවෙන් නිශ්පාදිත මෘදුකාංගයන් නිසා ඔයාලගේ ප්‍රතිවයිරස් මෘදුකාංගයෙන් මේ මෘදුකාංගය වයිරසයක් කියලා අල්ලගන්න පුලුවන්. ඇත්තටම් මේක වයිරසයක් නෙමෙයි. ස්තාපිත කරන්න අවස්තාව නොදෙනවා නම් ප්‍රතිවයිරස් මෘදුකාංගය  අක්‍රීය කර ස්තාපිත කරන්න. 



ඉන්පසුව අපිට මෘදුකාංගය විවෘත කරගන්න පුලුවන් මුලින්ම Configure වලින් ඔයාලගේ නෙට්වර් ඇඩැප්ටරය තෝරා දෙන්න. මතක තියාගන්න ඩොන්ගලයක් බාවිතා කරලා නම් මේ වැඩේ කරන්න් බෑ. ලෝකල් නෙට්වර්ක් එකක් බාවිතා කරන්න වෙනවා. 

ඊලගට Sniffer කියන එක ක්ලික් කරන්න. ඉන්පසුව ටූල්බාර් එකේ ඇති start/stop ක්ලීක් කරන්න. එවිට අපිට පෙන්නනවා අපෙ ජාලයේ බාවිතා වෙන පරිගණක වල මැක් ලිපිනයන්. 

ඉන් පසුව APR option එකට යන්න. iilagata + එක ක්ලික් කරන්න. එතනදී දැනට අදුනාගන්න පුලුවන් APR රවුටින් ටික පෙන්නනවා. 


මෙතනදී අපි DNS Spoofing කරන්න බලාපොරොතු වෙන APR එක තොරලා ඒ වෙනුවෙන් DNS සර්වරයෙන් ඉල්ලන වෙබ් අඩවිය ලබා දෙන්න. මං උදාහරණයට ගත්තේ www.facebook.com 

ඉන්පසුව  redirects web වෙබඩවිය ලබා දෙන්න. පහල රූපය බලන්න.

ඉන්පසු නැවතත් start/stop වලින් අපි තෝරාගත් APR එක වෙත ඇටෑක් එක ආර්ම්බ කරන්න. 

ඉතින් www.facebook.com ඉල්ලපුවාම www.myspace.com වලටයි යැවෙන්නේ. ඉතින් ඔයාලා මේ ක්‍රියාවලිය නවත්තන තුරුම මේක රූල් එකක් ආකාරයෙන් දිගටම් ක්‍රියාත්මක වෙනවා. ප්‍රායෝගිකව කිරීමේදී යම් ගැටලුවක් මතු උවොත් කමෙන්ට් කරන්න. 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

Popular Posts

FaceBook

www.facebook.com/hacker.Jm

Flag Counter

Flag Counter

Followers

About Me

යහලුවනේ මම යහලුවන්ට වැදගත් කියල හිතෙන ලිපි දාලා තියෙනවා. මීට මම ඉෂාන් එම්. ජයමහ
Powered by Blogger.