Copy Protected by Copyscape Plagiarism Checker!

පරිගනකයක් බාවිතයේදී සැලකිලිමත් වියයුතු කරුණු අතරින් පරිගණකයේ වේගය අඩු වීම ප්‍රදාන කාරණාවක්. පරිගණකයක වේගය අඩු වීමට බලපාන සාදක බොහොමයක් පවතිනවා. පරිගණක වයිරසයක් නිසා, පද්දති ගොනු නිසි ආකාරයෙන් නොමැති නිසා, දෘඩාංග දෝශ නිසා, දෘඩ තැටියේ හිස් ඉඩ ප්‍රමාණය අඩුවීම නිසා වගේ හේතූන් මෙයට දක්වන්න පුලුවන්. ඉතින් අවසානයට දක්වපු දෘඩ තැටියේ හිස් ඉඩ ප්‍රමාණය අඩුවීම කියන කරුණ නිසා පරිගණකය මන්දගාමී වෙනවා නම් එය නිවැරදි කරගන්නේ කොහොමද? පරිගණකය බාවිතාවේදී අලුතින් එකතුවෙන තාවකාලික ගොනු මකා දැමීමෙන්, බාවිතයට නොගන්න මෘදුකාංග ඉවත් කිරීමෙන් මෙන්ම අපි මේ කතා කරන්න යන defragmentation කියන ක්‍රියාවලියෙනුත් අපිට දෘඩ තැටියේ හිස් ඉඩ වැඩි කරගන්න පුලුවන්. 


සාමානයෙන් පරිගණකය බාවිතා කරන අවස්තා වලදී දෘඩ තැටිය මත ලිවීම හා එය කියවීම නොනවත්වාම සිදු වෙනවා. එයට නිශචිත වේගයක් පවතින බව ඔයාලා දන්නවා. ඒකට කියන්නේ දෘඩ තැටියේ rpm එක කියලා. (Revaluation for minute) ඒ වගේම දත්ත තැම්පත් කරන්නේ දෘඩ තැටියේ එයට අදාල වූ විශේෂ ලිපිනයක කියලත් ඔයාලා දන්නවා. දත්ත ලිවීම හා කියවීම ට අමතරව මැකීමත් සිදු වෙනවා.  ඉතින් මේ මකන්නේ අර විශේෂ ලිපිනය. එතකොට ඒ ලිපිනයට අදාල දෘඩ තැටියේ ඉඩ ප්‍රමාණය අයෙමත් බාවිතයට ගන්න නම් අපි ඒක overwrite කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ කතා කරන්න යන defragmentation  බාවිතයෙන් සම්පූර්ණයෙන්ම හිස් කරන්න ඕනේ. ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ආකාරයන් කීපයක්ම තියනවා 


1 Windows 7 වල පවතින Defrag ටූල් එක බාවිතයෙන් 


වින්ඩෝස් 7 වල පවතින මේ ටූල් එක වින්ඩෝස් විස්ට මෙහෙයුම් පද්දතියේත් මේ ආකාරයෙන්ම පැවතුනා. වින්ඩෝස් XP වලට වඩා වින්ඩෝස් 7 වල මේ ටූල් එක හාත්පසින්ම වෙනස්. පහල පියවරයන් අනුගමනයි කිරීමෙන් අපිට මේ ටූල් එක් ඕපන් කරගන්න පුලුවන්.


Windows Explorer>Right-click >Properties>Defragment Now


Defragging Windows 7

ඒ වගේම අපිට Start menu තුල dfrgui ලෙස ටයිප් කිරීමෙනුත් අදාල ගොනුව ක්‍රියාත්මක කරගන්න පුලුවන්. 

Defrag Windows 7

ඉතින් පහල රූපයේ අකාරයෙන් අපිට Defrag ටූල් එක ඕපන් වෙනවා. මෙතනදී
  • පරිගණකයේ ඇති දෘඩ තැටි කොටස් (partition) එකක් හෝ කීපයක් විශ්ලේෂණය කිරීම
  • පරිගණකයේ ඇති දෘඩ තැටි කොටස් (partition) එකක් හෝ කීපයක් වෙනුවෙන් defragmentation ක්‍රියාවලීන් ඇරබීම 
  • පරිගණකයේ ඇති දෘඩ තැටි කොටස් (partition) එකක් හෝ කීපයක් වෙනුවෙන් defragmentation ක්‍රියාවලීන් වට්ටෝරුගත කිරීම (Schedule) 
ඉතින් ඔයාලට මතක ඇති වින්ඩෝස් XP වලදී අපිට මේ පහසුකම බාවිතා කරන්න හැකියාව පැවතුනේ එක දෘඩ තැටි කොටසකට (partition) පමනයි. ඒත වින්ඩෝස් 7 වලදී පරිගණකයේ පවතින සියලුම දෘඩ තැටි කොටස් (partition) වලට එකවර බාවිතා කරන්න් පුලුවන්.  

Defragging Windows 7

දෘඩ තැටි කොටස් (partition) එකක් හෝ කීපයක් විශ්ලේෂණය කිරීම වෙනුවෙන් විශ්ලේෂණය කිරීමට ඕනේ කොටස තෝරා  "Analyze" ක්ලික් කරන්න. ඉතින් මෙ ක්‍රියාවලිය අවසන් උන පසු අපිට විස්තර සහිත වාර්තාවක් ලැබෙනවා.

Defrag Windows 7

දෘඩ තැටි කොටස් (partition) එකක් හෝ කීපයක් වෙනුවෙන් defragmentation ක්‍රියාවලිය  ඇරබීම defrag කිරීමට ඕනේ කොටස තෝරා "Defragment disk" ක්ලික් කරන්න. මේ ක්‍රියාවලියට යම් කාලයක් ගත වෙනවා. ඒක රදා පවතින්නේ දෘඩ තැටියේ ප්‍රමාණය මතයි. කොපමන ඉඩක්  defrag වෙලාද කියන එක අපිට පහල රූපයේ රතුපාටින් දක්වන ආකායට බලාගන්න පුලුවන්. ඉතින් මේ ක්‍රියාවලිය වෙන අතරතුර පරිගණකයේ වේගය අඩුවීමක් හො මන්දගාමී වීමක් වෙන්න පුලුවන්. කලබල වෙන්න එප. මේ ක්‍රියාවලිය වෙනුවෙන් පරිගණකය සිය සම්පත් සියල්ලම බාවිත කරනවා. උදාහරණයක් ලෙස සිය තාවකාලික මතයෙන් 80% වඩා වැඩි ප්‍රමාණයක් බාවිත කරනවා. ඉතින් defrag ක්‍රියාවලියක් ආරම්භකල පසු නිදහසේ පරිගණකයට ඒ ක්‍රියාවලිය අවසන් කරන්න් ඉඩ දෙන එක තමයි හොද. නැත්නම් පරිගණකය Stuck වෙන්න පුලුවන්. 

Defrag Windows 7

Defrag Windows 7

ඉතින් අපිට ඕනේ නම් defrag ක්‍රියාවලියක් schedule  කරන්න, "Configure schedule" ක්ලික් කරන්න. එතනදී  defrag කරන්න ඕනේ දිනය වෙලාව ලබාදීල අපිට OK කරන්න පුලුවන්. 

Defrag Windows 7

2 ඩොස් මෙහෙයුම් පද්දතිය බාවිතයෙන් 

ඉතින් බොහොමයක් මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති  වල වගේම වින්ඩෝස් 7 වලත් ඩොස් බාවිතයෙන් ක්‍රියාත්මක වෙන ඒ කියන්නේ command line defragmentation tool එකක් තියනවා. DEFRAG.exe කියන්නේ ඒ ටූල් එක. ඉතින් ඩොස් පිලිබද අවබෝදයක් තියන අයට පුලුවන් මේ ඩොස් විදානය බාවිත කරලත් මේ දේ කරගන්න. 



3 Auslogic Disk Defrag ටූල් එක් බාවිතයෙන් 

වින්ඩෝස් සහ ඩොස් පාදක Defrag ටූල් බාවිතා කරන්න පුලුවන් වගේම තෙවන පාර්ශවීය මෘදුකාංගත් මේ වෙනුවෙන් බාවිත කරන්න පුලුවන්. ඉතින් අන්තර්ජාලය තුලදී අපිට ඕනේ තරම් මෘදුකාංග හොයාගන්න පුලුවන්. Auslogic Disk Defrag ටූල් එක මේ වෙනුවෙන්ම නිර්මාණය කල හොද මෘදුකාංගයක්. අපි බලමු මේක ක්‍රියාත්මක කරගන්නේ කොහොමද කියලා. 

මේ ගැන් උනන්දු වෙන අයට මේ මෘදුකාංගය පහල ලින්කුවෙන් බාගන්න් පුලුවන්. 

http://www.auslogics.com/en/software/disk-defrag/

ඊලගට එය පරිගණකයට ස්තාපිත කරගන්න. පහල රූප වල දක්වා ඇති ආකාරයට 

Defrag Windows 7 with Auslogic Disk Defrag

Defrag Windows 7 with Auslogic Disk Defrag

ඉන්පසුව මේ මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න. එතනදී මෙහෙම මෘදුකාංගයක් ක්‍රියාත්මක වෙන්නයි යන්නේ කියලා වින්ඩෝස් 7 වලින් අපිට දන්වනවා. ඒකට "Yes" ක්ලික් කරන්න. 

Defrag Windows 7 with Auslogic Disk Defrag

මේ මෘදුකාංගය බාවිතය නම් හරිම සරලයි. අපි බලමු මුලින්ම දෘඩ තැටි කොටසක් විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා. දෘඩ තැටි කොටස තෝරලා Defrag > Analyze කියන මාර්ගයේ යන්න. 

Defrag Windows 7 with Auslogic Disk Defrag

Defrag Windows 7 with Auslogic Disk Defrag

ඉතින් මේ මෘදුකාංගයෙන් අපිට බොහොමයක් දේවල් කරගන්න පුලුවන්. පහල රූප වලින් ඒ එක් එක් ක්‍රියාවලීන් දක්වලා තියනවා.ඒ වගේම "Defrag & Optimize" කියන කොටසින් අපිට පුලුවන් අපේ දෘඩ තැටියේ තියන හිස් ඉඩ විශේෂ් උපක්‍රම බාවිතයෙන් එකතු කරන්න. 

Defrag Windows 7 with Auslogic Disk Defrag

Defrag Windows 7 with Auslogic Disk Defrag

Defrag Windows 7 with Auslogic Disk Defrag

Defrag Windows 7 with Auslogic Disk Defrag

ඉතින් මේ කොටස් 3න් ඕනේම කොටසක් බාවිත කරලා ඔයාලගේ පරිගණකය Defrag කරගැනීමේ හැකියාව ඔයාලට ඇති කියලා හිතනවා. හුගක් අයි කියනවා නිතර නිතර Defrag කරන එක දෘඩ තැටියට හානිදායකයි කියලා. එහෙනම් ඇයි මයික්‍රිසොෆ්ට් මේ තර මහන්සි වෙලා මේ වගේ ටූල් දියුණු කරලා තියෙන්නේ? නිතර නිතර කියන එකෙන් අදහස් වන්නේ සතියකට වතාවක් වගේ කියන එක මං හිතන්නේ. ඉතින් ඔයාල මාසෙකට වතාවක් වත් Defrag කරගන්න. එතකොට මන්දගාමී උන පරිගණකයට යම් තරමකින් හෝ ජීවයක් ලැබෙයි. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Copy Protected by Copyscape Plagiarism Checker!

පේස්බුක් උන්මාදයක් වෙලා තියෙන්නෙ මේ කාලේ. ඒ වගේම පේස්බුක් කියන්නේ ගොඩක් අපරද අනාචාර වෙන තැනක් කියලයි ලෝකයා දකින්නේ. ඒ උනත් අපි කවුරුත් පේස්බුක් එන එක නම් අතාරින්නේ නෑ නේද? ඉතින් මේ පේස්බුක් අඩවියේ තියන ගිණුම් වලින් බොහොමයක් හොරට හදපුවා නැත්නම් අයිතිකරුවෙක් නොමැති ගිණුම් බව පසුගියදා අනාවරණය උනා. ඉතින් ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය ඒ කරුණ වෙනුවෙන් යොමු උනා. ඉතින් මේ බොරු ගොණුම් අටවා ගන්නේ ඇයි? මූලිකවම හැකින් ප්‍රහාරයන් වෙනුවෙන්. ඊලගට වෙන කෙනෙක් අපහසුතාවයට පත් කරන්න භාවිත කරන්න. ඉතින් අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද මේ බොරු ගිණුම් එහෙම නැත්නම් Fake Facebook Profile අදුනා ගන්නේ කියලා. 


ඇත්තටම මේක හරිම අපහසු කාර්යයක්. මොකද අපි දන්නේ නෑ මෙ ගිණුම් හදන්නේ කවුද කියන එක. හොදම උදාහරණය මට පුලුවන් මේක කියවන ඔයාගේ නමින් පේස්බුක් පිටුවක් පටන් ගන්න..ඉතින් එක් එක සාධකයන් අනුමාන කරල තර්ක කිරීම මගින් අපිට පුලුවන් මේක ඇත්ත ගිණුමක්ද නැත්නම් බොරු ගිණුමක්ද කියන් එක හොයාගන්න. අපි බලමු සාධකයන් කීපයක් සැලකිල්ලට අරන්. 



1. තමන් ගැහැණු කෙනෙක් කියලා හදුනවා ගැනීම 


බොහොමයක් Fake Profile වලදි මේවා හදන අය තමන්ව හදුන්වා ගන්නේ ස්ත්‍රී ලිංග විදියට. ඒකට හේතුව ගෑනු කෙනෙක් විදියට පෙනී උන්නාම අනුන්ගේ අවදානය අනුකම්පාව ලබා ගැනීමට වැඩි හැකියාවක් පවතින නිසා. Fake Profile වලින්  97% ප්‍රමාණයක් තියෙන්නෙ ස්ත්‍රී ලිංග විදියට. 

 2. Fake Profile වල වැඩි කැමැත්ත ස්ත්‍රී පාර්ශවයටයි 

ඉතින් මේ හදන Fake Profile වැඩිපුරම කැමති වෙන්නෙත් ගෑණුන්ටමයි..ඉතින් අපිට Fake Profile එකක් අදුනාගන්න තියන හොදම සාධකයක් තමයි එයාලගේ මිතුරන් අතරේ වැඩිපුරම ඉනේ ගැහැණුද පිරිමිද බලන එක. ඒක අපිව රැවටීමේ උපායක් වෙන්නත් පුලුවන්.

 3. ඇත්තටම සිටිනා මිතුරන් ගනන 

ඔයාලා ඇත්ත ගිණුමක් හදාගත්තාම හැමෝටම දන්වලා ඒකට මිතුරන් එකතු කරගැනීම ටිකක් කල් යන වැඩක් නේද? ජනප්‍රිය කෙනෙක්ට නම් මේක අදාල වෙන්නෙ නෑ.  Fake Profile එකක් අද ඉන්න ගාන නෙමෙයි හෙට ඉන්නෙ. හිතාගන්නවත් බැරි  වේගෙන් මිතුරන් එකතු වෙනවා. මේකට හේතුව  Fake Profile හදන කෙනා එකක් හදලා බලගෙන ඉන්නෙ නෑ. සාමානයෙන්  Fake Profile හදන් හැකර් කරුවෙක් ගාව අඩුම තරමින්  Fake Profile 100 ක් වත් තියනවලු. ඒ කියන්නේ ඒ මේල් ගිණුම් 100 වත් තියනවලු.

4. තමන්ගේ ඉගෙනගත්ත විදුහල හෝ උසස් අධ්‍යාපන විස්තර එකතු කිරීම 

හුගක් අය තමන්ගේ අධ්‍යාපන තත්වයන් පේස්බුක් වලට එකතු කරන්නේ නෑ. ඒත්  Fake Profile හදන අය නම් ඔක්කොම වගේ තමගේ උසස් අධ්‍යාපන තත්වයන් දක්වනවා. බොහොමයක් දෙනා විශවවිද්‍යාල අධ්‍යාපනය ලැබූ අය විදියටයි පෙනී ඉන්නේ. ඒ අපි තුල විශ්වාසය වැඩි කරන්න. 

5. පොටෝස් වල ටැග් පහසුකම භාවිතය 

ඔයාල පොටෝ ඇල්බම් එකක් පේස්බුක් වලට එකතු කලාම තම මිතුරන් අතරේ ඒ සියලුම පොටෝ ටැග් කරනවාද නැත්නම් හොදම එකක් දෙකක් ටැග් කරනවාද?  Fake Profile හදන අය එකතු කරන පොටෝ ඇල්බම් වල සියලුම පොටෝ එහි ඉන්න සියලුම මිතුරන්ට ටැග් කරනවා 

6. ස්ටේටස් අප්ඩේට් කිරීම 

Fake Profile හදාගෙන් ඉන්න අය ගෙන් 43% තමන්ගේ ස්ටේටස් අප්ඩේට් කරන්නේ නැතිලු. ඒ වගේම ඇත්ත ගිණුම් හිමියන්ගෙනුත් 15% දෙනා ස්ටේටස් අප්ඩේට් කරන්නේ නැතිලු. ඉතින් Fake Profile  එකක දිගු කාලයක් පවතින එකම ස්ටේටස් එක් දැකගන්න පුලුවන් වෙයි. 

7. ගිණුමට එකතු කරන වීඩියෝ වැනි දේවල් 

Fake Profile  වල අය බොහෝ විට අලුතින් නිකුත් වෙන ලස්සන ගීතයක්, එහෙම නැත්නම් හොදට දුවන අලුත් ෆ්ලිම් එකක ටේලර් එක වගේ දේවල් තමන්ගේ Fake Profile පේජ් එකට එකතු කරන්න උත්සාහා කරනවා අඩුයි.

ඉතින් ඔන්න ඔහොමයි Fake Profile  එකක් අදුනා ගන්න වෙන්නෙ. මේක කරන්න නම් ටිකක් අමරුයි තමයි. පේස්බුක් වලින් අලුත් තාක්ශණයක් හදුන්වා දෙන්නයි යන්නේ. එකෙන් කරන්නෙ අපේ මූනේ ලස්සන පොටෝ එකක් ගන්න එක. ඊලගට අලුත් තාක්ශණයක් මුසු කරලා මෙ පොටෝ එක ID එකක් බවට පත් කරනවා. ඉතින් එහෙම උනාම අපිට බාවිතා කරන්න වෙන්නෙ එක ප්‍රොෆයිල් එකයි. ඉතින් මේකට කියන්නේ Face recognition  කියලා. කොයි තරම් දුරට මේක සර්තක වෙයිද කියන එක ගැන නම් කලින් අනාවැකි කියන්න බෑ. අපි බලාන ඉමු මේ අලුත් තාක්ශණයත් එක්ක පේස්බුක් කොහොම වෙයිද කියන එක. සුභ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Copy Protected by Copyscape Plagiarism Checker!

අන්තර්ජාලය තුල භාගත කිරීම් නොමිලේ කරගන්න තියන හොදම ස්තානයක් තමයි ටොරන්ට් වෙබ් අඩවි කියන්නෙ.ඒ වගේම ටොරන්ට් වෙබ් අඩවි වලින් අපි බාගත කරගන්නා ගොනු බාවිතයට ගනිද්දි පරිස්සන් වෙන්න ඕනේ. මොකද මේවා තුල හැංගිලා එක එක ආකාරයේ අනාරක්ශිත ගොනුත් පැමිණෙන්න පුලුවන් කම තියන නිසා. ඉතින් ඔයාලා දන්නවා අපේ තියන අන්තර්ජාල පහසුකම බාවිතා කරලා ටොරන්ට් ගොනුවක් බාගත කරන්න ගියාම බොහෝ වෙලාවක් ගත වෙනවා. ඒකට හේතුව අපේ දුප්පත් අඩු වේගවත් අන්තර්ජාල පහසුකම. ඉතින් අපි බලමු කොහොමද අපේ මේ අඩු වේගවත් අන්තර්ජාල පහසුකම බාවිත කරලා ටොරන්ට් ගොනුවක් අධි වේගයෙන් බාගත කරන්නේ කියලා. 


මුලින්ම ඔයාලා ටොරන්ට් සහය දක්වන මෘදුකාංගයක් පරිගණකයට ස්තාපිත කරගන්න ඕනේ. උදාහරණ විදියට u torrent, bit torrent දක්වන්න පුලුවන්. ඉතින් දැනටමත් ඔයාලා මේවායින් එකක් බාවිතා කරනවා නම් අවුලක් නෑ. නැති අය පහල ලින්කුවෙන් u torrent මෘදුකාංගය බාගත කරගන්න. සරල් පියවර කීපයකින් ඒක් අපිට පරිගණකයට ස්තාපිත කරගන්න පුලුවන්.

http://www.utorrent.com



බාගත කිරීම අවසානයේ අපිට පහල රූපයේ මෙන් ගොනුවක් ලැබෙනවා. 


මේක ස්තාපිත කරගන්න. ඊලගට අපි බාගත කරන්න හිතාගෙන ඉන්න දේට අදාලව ටොරන්ට් ගොනුවක් හොයාගන්න ඕනේ. ඔයාලා අන්තර්ජාලයෙන් ගූගල් වලින් තොරතුරු හොයනවා වගේ ටොරන්ට් හොයන්නත් වෙනම වෙබ් අඩවි තියනවා. මං උදාහරණයට ගන්නේ kat.ch වෙබ් අඩවිය. ඉතින් මං ඒ වෙබ් අඩවියට ගිහින් සෙවුමක් කරනවා Windows 8 ගොනුවක් බාගත කරගැනීම සදහා. පහල රූපයේ මෙන් මට තොරතුරු ලැබෙනවා. 

රතු පාටින් දක්වලා තියන ලින්කුවෙන මං අදාල ටොරන්ට් ගොනුව ලබාගන්නවා. මෙක ඇත්තටම ලින්කුවක් මිසක් මේක බාගත් උනාම හිතන්න එපා අපි බාගත කරන්න ගිය සම්පූර්ණ ගොනුවම බාගත උනා කියලා. මේක කිලෝබයිට් පොඩි ගානක් ගොනුවක්. 

ඊලගට අපි ස්තාපිත කරගත් u torrent මෘදුකාංගය විවෘත කරගන්න. ඊලගට ටිකකට කලින් බාගත කරගත් ටොරන්ට් ලින්කුව සහිත ගොනුව u torrent මෘදුකාංගය හරහා විවෘත කරන්න. 



ඉතින් ඔන්න අපේ ගොනුව බාගත වෙනවා. පේනවා නේද මගෙ දුප්පත් අන්තර්ජාල සේවාවේ වේගය. හුගක් අඩුයි. ඉතින් අපි බලමු මේක වැඩි කරගන්නෙ කොහොමද කියලා. මුලින්ම Option වල Preferencces වලට යන්න. ඒකේ තියන Connection කියන ටැබ් එකට යන්න. එතනදි ඔයාලට පෝට් අංකයක් පෙනෙයි. ඒක 45682 ලෙස වෙනස් කරන්න. 

ඊලගට පහල තියන සේවාවන් ක්‍රියාත්මක කරන්න. (ටික් වැටිලා තියෙන්නෙ ඕනේ)
  • Enable UPnp port-mapping.
  • Enable NAT-PMP port mapping.
  • Add windows Firewall exception.
ඊලගට Bandwidth කියන එකට යන්න. එතනදී පහල රතු පාටින් දක්වලා තියන වෙනස් කම් කරන්න.
  • Global max no. of connections=130
  • Max no. of connected peers per Torrent=70
  • No. of upload slots per torrent=3
ඊලගට Bittorrent ටැබ් එකට යන්න එතනදිත් පහල දක්වලා තියන ඒවා ටික් වෙලා තියනවාද බලන්න.
  • Enable DHT Network
  • Enable DHT for new torrents
  • Enable local Peer Discovery
  • Enable bandwidth management9uTP]
  • Enable UDP tracker support
  • Ask tracker for scape information
  • Enable Peer Exchange
  • Enable outgoing Protocol Encryption.


 ඊලගට Queueing ටැබ් එකට යන්න. පහල රතු පාටින් දක්වලා තියන ඒවා ඒ ආකාරයෙන් වෙනස් කරන්න.
  • Max no of active torrents = 2
  • Max no of active downloads = 1 
  • Min Ratio = 150
  • Min Seeding time(Minutes) = 0

ඉන්පසු ටැබ් එකට යන්න.එතනදී net.max_halfopen කියන් කොටස තෝරන්න. ඒකේ අගය 90 ලෙස වෙනස් කරන්න. 

ඊලගට අපි බාගත කරන ටොරන්ට් ගොනුව මත right Click කරන්න. එතනදි ලැබෙන මෙනුවෙන් bandwidth Allocation = High ලෙස තෝරන්න.

ඉතින් ඔන්න අපේ සැකසුම් අවසානයි. දැන් බලන්න බාගත කිරීමේ වේගය වැඩි වෙලා තියන ආකාරය. 

හරි, ඔයාලා බාවිත කරන අන්තර්ජාල ගිණුමේ වේගය අනුව මේ වේගය ගොඩක් වැඩි කරගන්න පුලුවන්. හැබැයි අපි බාගත කරන ගොනුවට අදාලව සීඩ්ස් තියෙන්නෙ නම් ඕනේ. එහෙනම් උත්සාහ කරලා බලන්න. සුබ දවසක්...! 

~~~~~ HelpITLanka ~~~~~
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

මේක කරගන්න අපිට පොඩි දේවල් ටිකක් ඔනේ..... 
USB PEN එකක් ඔනේ 1ජීබී වලට වඩා අඩු නොවෙන එකක් 
WIN XP CD එකක් ඔනේ හොද තත්වෙන්. (ඒ කිව්වෙ හොදට වැඩ කරන එකක්)
තව මෙන්න මේ සොෆ්ට් කෑල්ලත් ඔනේ 
ඒක හොයන්න අමාරුනම් ආ මෙක 
හැබැයි මේ සොෆ්ට් කෑල්ල එකපාරයි පුලුවන්... 
මම එකනිසා ටොරන්ට් ලින්ක් එක හොයා ගත්තා කී එකත් එක්කම.. 
බලමුකො කරන විදිය..... 
Screenshots of FlashBoot 2.0, converting Windows XP installation CD to USB:
1) Run FlashBoot, click Next


2) Choose CD -> USB in Main Menu


3) Choose CD/DVD drive or image file and click Next


4) Choose "Convert Windows XP/2000 installation CD" from the scenario list and click Next


5) Choose target USB disk (flash, HDD) or image file and click Next


6) Enter volume label or leave it as is and click Next


7) Check summary information and click Next


8) Wait for process completion


9) USB disk is ready for use. Click OK to exit


ඔයා දැන් කරගන්න ඔනෙ ඔක්කොම ... 
වින්ඩෝස් ගහනකොට මේ වගෙ ද කියලා බලාගන්න මේ පොටො වලින්... 
පහල ලින්කුව තියෙනවා 

බල්ලා කොමෙන්ට් එකකුත් දාල යන්න :D

Popular Posts

FaceBook

www.facebook.com/hacker.Jm

Flag Counter

Flag Counter

Followers

About Me

යහලුවනේ මම යහලුවන්ට වැදගත් කියල හිතෙන ලිපි දාලා තියෙනවා. මීට මම ඉෂාන් එම්. ජයමහ
Powered by Blogger.