Copy Protected by Copyscape Plagiarism Checker!

පරිගනකයක් බාවිතයේදී සැලකිලිමත් වියයුතු කරුණු අතරින් පරිගණකයේ වේගය අඩු වීම ප්‍රදාන කාරණාවක්. පරිගණකයක වේගය අඩු වීමට බලපාන සාදක බොහොමයක් පවතිනවා. පරිගණක වයිරසයක් නිසා, පද්දති ගොනු නිසි ආකාරයෙන් නොමැති නිසා, දෘඩාංග දෝශ නිසා, දෘඩ තැටියේ හිස් ඉඩ ප්‍රමාණය අඩුවීම නිසා වගේ හේතූන් මෙයට දක්වන්න පුලුවන්. ඉතින් අවසානයට දක්වපු දෘඩ තැටියේ හිස් ඉඩ ප්‍රමාණය අඩුවීම කියන කරුණ නිසා පරිගණකය මන්දගාමී වෙනවා නම් එය නිවැරදි කරගන්නේ කොහොමද? පරිගණකය බාවිතාවේදී අලුතින් එකතුවෙන තාවකාලික ගොනු මකා දැමීමෙන්, බාවිතයට නොගන්න මෘදුකාංග ඉවත් කිරීමෙන් මෙන්ම අපි මේ කතා කරන්න යන defragmentation කියන ක්‍රියාවලියෙනුත් අපිට දෘඩ තැටියේ හිස් ඉඩ වැඩි කරගන්න පුලුවන්. 


සාමානයෙන් පරිගණකය බාවිතා කරන අවස්තා වලදී දෘඩ තැටිය මත ලිවීම හා එය කියවීම නොනවත්වාම සිදු වෙනවා. එයට නිශචිත වේගයක් පවතින බව ඔයාලා දන්නවා. ඒකට කියන්නේ දෘඩ තැටියේ rpm එක කියලා. (Revaluation for minute) ඒ වගේම දත්ත තැම්පත් කරන්නේ දෘඩ තැටියේ එයට අදාල වූ විශේෂ ලිපිනයක කියලත් ඔයාලා දන්නවා. දත්ත ලිවීම හා කියවීම ට අමතරව මැකීමත් සිදු වෙනවා.  ඉතින් මේ මකන්නේ අර විශේෂ ලිපිනය. එතකොට ඒ ලිපිනයට අදාල දෘඩ තැටියේ ඉඩ ප්‍රමාණය අයෙමත් බාවිතයට ගන්න නම් අපි ඒක overwrite කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ කතා කරන්න යන defragmentation  බාවිතයෙන් සම්පූර්ණයෙන්ම හිස් කරන්න ඕනේ. ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ආකාරයන් කීපයක්ම තියනවා 


1 Windows 7 වල පවතින Defrag ටූල් එක බාවිතයෙන් 


වින්ඩෝස් 7 වල පවතින මේ ටූල් එක වින්ඩෝස් විස්ට මෙහෙයුම් පද්දතියේත් මේ ආකාරයෙන්ම පැවතුනා. වින්ඩෝස් XP වලට වඩා වින්ඩෝස් 7 වල මේ ටූල් එක හාත්පසින්ම වෙනස්. පහල පියවරයන් අනුගමනයි කිරීමෙන් අපිට මේ ටූල් එක් ඕපන් කරගන්න පුලුවන්.


Windows Explorer>Right-click >Properties>Defragment Now


Defragging Windows 7

ඒ වගේම අපිට Start menu තුල dfrgui ලෙස ටයිප් කිරීමෙනුත් අදාල ගොනුව ක්‍රියාත්මක කරගන්න පුලුවන්. 

Defrag Windows 7

ඉතින් පහල රූපයේ අකාරයෙන් අපිට Defrag ටූල් එක ඕපන් වෙනවා. මෙතනදී
  • පරිගණකයේ ඇති දෘඩ තැටි කොටස් (partition) එකක් හෝ කීපයක් විශ්ලේෂණය කිරීම
  • පරිගණකයේ ඇති දෘඩ තැටි කොටස් (partition) එකක් හෝ කීපයක් වෙනුවෙන් defragmentation ක්‍රියාවලීන් ඇරබීම 
  • පරිගණකයේ ඇති දෘඩ තැටි කොටස් (partition) එකක් හෝ කීපයක් වෙනුවෙන් defragmentation ක්‍රියාවලීන් වට්ටෝරුගත කිරීම (Schedule) 
ඉතින් ඔයාලට මතක ඇති වින්ඩෝස් XP වලදී අපිට මේ පහසුකම බාවිතා කරන්න හැකියාව පැවතුනේ එක දෘඩ තැටි කොටසකට (partition) පමනයි. ඒත වින්ඩෝස් 7 වලදී පරිගණකයේ පවතින සියලුම දෘඩ තැටි කොටස් (partition) වලට එකවර බාවිතා කරන්න් පුලුවන්.  

Defragging Windows 7

දෘඩ තැටි කොටස් (partition) එකක් හෝ කීපයක් විශ්ලේෂණය කිරීම වෙනුවෙන් විශ්ලේෂණය කිරීමට ඕනේ කොටස තෝරා  "Analyze" ක්ලික් කරන්න. ඉතින් මෙ ක්‍රියාවලිය අවසන් උන පසු අපිට විස්තර සහිත වාර්තාවක් ලැබෙනවා.

Defrag Windows 7

දෘඩ තැටි කොටස් (partition) එකක් හෝ කීපයක් වෙනුවෙන් defragmentation ක්‍රියාවලිය  ඇරබීම defrag කිරීමට ඕනේ කොටස තෝරා "Defragment disk" ක්ලික් කරන්න. මේ ක්‍රියාවලියට යම් කාලයක් ගත වෙනවා. ඒක රදා පවතින්නේ දෘඩ තැටියේ ප්‍රමාණය මතයි. කොපමන ඉඩක්  defrag වෙලාද කියන එක අපිට පහල රූපයේ රතුපාටින් දක්වන ආකායට බලාගන්න පුලුවන්. ඉතින් මේ ක්‍රියාවලිය වෙන අතරතුර පරිගණකයේ වේගය අඩුවීමක් හො මන්දගාමී වීමක් වෙන්න පුලුවන්. කලබල වෙන්න එප. මේ ක්‍රියාවලිය වෙනුවෙන් පරිගණකය සිය සම්පත් සියල්ලම බාවිත කරනවා. උදාහරණයක් ලෙස සිය තාවකාලික මතයෙන් 80% වඩා වැඩි ප්‍රමාණයක් බාවිත කරනවා. ඉතින් defrag ක්‍රියාවලියක් ආරම්භකල පසු නිදහසේ පරිගණකයට ඒ ක්‍රියාවලිය අවසන් කරන්න් ඉඩ දෙන එක තමයි හොද. නැත්නම් පරිගණකය Stuck වෙන්න පුලුවන්. 

Defrag Windows 7

Defrag Windows 7

ඉතින් අපිට ඕනේ නම් defrag ක්‍රියාවලියක් schedule  කරන්න, "Configure schedule" ක්ලික් කරන්න. එතනදී  defrag කරන්න ඕනේ දිනය වෙලාව ලබාදීල අපිට OK කරන්න පුලුවන්. 

Defrag Windows 7

2 ඩොස් මෙහෙයුම් පද්දතිය බාවිතයෙන් 

ඉතින් බොහොමයක් මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති  වල වගේම වින්ඩෝස් 7 වලත් ඩොස් බාවිතයෙන් ක්‍රියාත්මක වෙන ඒ කියන්නේ command line defragmentation tool එකක් තියනවා. DEFRAG.exe කියන්නේ ඒ ටූල් එක. ඉතින් ඩොස් පිලිබද අවබෝදයක් තියන අයට පුලුවන් මේ ඩොස් විදානය බාවිත කරලත් මේ දේ කරගන්න. 



3 Auslogic Disk Defrag ටූල් එක් බාවිතයෙන් 

වින්ඩෝස් සහ ඩොස් පාදක Defrag ටූල් බාවිතා කරන්න පුලුවන් වගේම තෙවන පාර්ශවීය මෘදුකාංගත් මේ වෙනුවෙන් බාවිත කරන්න පුලුවන්. ඉතින් අන්තර්ජාලය තුලදී අපිට ඕනේ තරම් මෘදුකාංග හොයාගන්න පුලුවන්. Auslogic Disk Defrag ටූල් එක මේ වෙනුවෙන්ම නිර්මාණය කල හොද මෘදුකාංගයක්. අපි බලමු මේක ක්‍රියාත්මක කරගන්නේ කොහොමද කියලා. 

මේ ගැන් උනන්දු වෙන අයට මේ මෘදුකාංගය පහල ලින්කුවෙන් බාගන්න් පුලුවන්. 

http://www.auslogics.com/en/software/disk-defrag/

ඊලගට එය පරිගණකයට ස්තාපිත කරගන්න. පහල රූප වල දක්වා ඇති ආකාරයට 

Defrag Windows 7 with Auslogic Disk Defrag

Defrag Windows 7 with Auslogic Disk Defrag

ඉන්පසුව මේ මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න. එතනදී මෙහෙම මෘදුකාංගයක් ක්‍රියාත්මක වෙන්නයි යන්නේ කියලා වින්ඩෝස් 7 වලින් අපිට දන්වනවා. ඒකට "Yes" ක්ලික් කරන්න. 

Defrag Windows 7 with Auslogic Disk Defrag

මේ මෘදුකාංගය බාවිතය නම් හරිම සරලයි. අපි බලමු මුලින්ම දෘඩ තැටි කොටසක් විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා. දෘඩ තැටි කොටස තෝරලා Defrag > Analyze කියන මාර්ගයේ යන්න. 

Defrag Windows 7 with Auslogic Disk Defrag

Defrag Windows 7 with Auslogic Disk Defrag

ඉතින් මේ මෘදුකාංගයෙන් අපිට බොහොමයක් දේවල් කරගන්න පුලුවන්. පහල රූප වලින් ඒ එක් එක් ක්‍රියාවලීන් දක්වලා තියනවා.ඒ වගේම "Defrag & Optimize" කියන කොටසින් අපිට පුලුවන් අපේ දෘඩ තැටියේ තියන හිස් ඉඩ විශේෂ් උපක්‍රම බාවිතයෙන් එකතු කරන්න. 

Defrag Windows 7 with Auslogic Disk Defrag

Defrag Windows 7 with Auslogic Disk Defrag

Defrag Windows 7 with Auslogic Disk Defrag

Defrag Windows 7 with Auslogic Disk Defrag

ඉතින් මේ කොටස් 3න් ඕනේම කොටසක් බාවිත කරලා ඔයාලගේ පරිගණකය Defrag කරගැනීමේ හැකියාව ඔයාලට ඇති කියලා හිතනවා. හුගක් අයි කියනවා නිතර නිතර Defrag කරන එක දෘඩ තැටියට හානිදායකයි කියලා. එහෙනම් ඇයි මයික්‍රිසොෆ්ට් මේ තර මහන්සි වෙලා මේ වගේ ටූල් දියුණු කරලා තියෙන්නේ? නිතර නිතර කියන එකෙන් අදහස් වන්නේ සතියකට වතාවක් වගේ කියන එක මං හිතන්නේ. ඉතින් ඔයාල මාසෙකට වතාවක් වත් Defrag කරගන්න. එතකොට මන්දගාමී උන පරිගණකයට යම් තරමකින් හෝ ජීවයක් ලැබෙයි. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

0 comments:

Popular Posts

FaceBook

www.facebook.com/hacker.Jm

Flag Counter

Flag Counter

Followers

About Me

යහලුවනේ මම යහලුවන්ට වැදගත් කියල හිතෙන ලිපි දාලා තියෙනවා. මීට මම ඉෂාන් එම්. ජයමහ
Powered by Blogger.