Copy Protected by Copyscape Plagiarism Checker!

අන්තර්ජාලය තුල භාගත කිරීම් නොමිලේ කරගන්න තියන හොදම ස්තානයක් තමයි ටොරන්ට් වෙබ් අඩවි කියන්නෙ.ඒ වගේම ටොරන්ට් වෙබ් අඩවි වලින් අපි බාගත කරගන්නා ගොනු බාවිතයට ගනිද්දි පරිස්සන් වෙන්න ඕනේ. මොකද මේවා තුල හැංගිලා එක එක ආකාරයේ අනාරක්ශිත ගොනුත් පැමිණෙන්න පුලුවන් කම තියන නිසා. ඉතින් ඔයාලා දන්නවා අපේ තියන අන්තර්ජාල පහසුකම බාවිතා කරලා ටොරන්ට් ගොනුවක් බාගත කරන්න ගියාම බොහෝ වෙලාවක් ගත වෙනවා. ඒකට හේතුව අපේ දුප්පත් අඩු වේගවත් අන්තර්ජාල පහසුකම. ඉතින් අපි බලමු කොහොමද අපේ මේ අඩු වේගවත් අන්තර්ජාල පහසුකම බාවිත කරලා ටොරන්ට් ගොනුවක් අධි වේගයෙන් බාගත කරන්නේ කියලා. 


මුලින්ම ඔයාලා ටොරන්ට් සහය දක්වන මෘදුකාංගයක් පරිගණකයට ස්තාපිත කරගන්න ඕනේ. උදාහරණ විදියට u torrent, bit torrent දක්වන්න පුලුවන්. ඉතින් දැනටමත් ඔයාලා මේවායින් එකක් බාවිතා කරනවා නම් අවුලක් නෑ. නැති අය පහල ලින්කුවෙන් u torrent මෘදුකාංගය බාගත කරගන්න. සරල් පියවර කීපයකින් ඒක් අපිට පරිගණකයට ස්තාපිත කරගන්න පුලුවන්.

http://www.utorrent.com



බාගත කිරීම අවසානයේ අපිට පහල රූපයේ මෙන් ගොනුවක් ලැබෙනවා. 


මේක ස්තාපිත කරගන්න. ඊලගට අපි බාගත කරන්න හිතාගෙන ඉන්න දේට අදාලව ටොරන්ට් ගොනුවක් හොයාගන්න ඕනේ. ඔයාලා අන්තර්ජාලයෙන් ගූගල් වලින් තොරතුරු හොයනවා වගේ ටොරන්ට් හොයන්නත් වෙනම වෙබ් අඩවි තියනවා. මං උදාහරණයට ගන්නේ kat.ch වෙබ් අඩවිය. ඉතින් මං ඒ වෙබ් අඩවියට ගිහින් සෙවුමක් කරනවා Windows 8 ගොනුවක් බාගත කරගැනීම සදහා. පහල රූපයේ මෙන් මට තොරතුරු ලැබෙනවා. 

රතු පාටින් දක්වලා තියන ලින්කුවෙන මං අදාල ටොරන්ට් ගොනුව ලබාගන්නවා. මෙක ඇත්තටම ලින්කුවක් මිසක් මේක බාගත් උනාම හිතන්න එපා අපි බාගත කරන්න ගිය සම්පූර්ණ ගොනුවම බාගත උනා කියලා. මේක කිලෝබයිට් පොඩි ගානක් ගොනුවක්. 

ඊලගට අපි ස්තාපිත කරගත් u torrent මෘදුකාංගය විවෘත කරගන්න. ඊලගට ටිකකට කලින් බාගත කරගත් ටොරන්ට් ලින්කුව සහිත ගොනුව u torrent මෘදුකාංගය හරහා විවෘත කරන්න. 



ඉතින් ඔන්න අපේ ගොනුව බාගත වෙනවා. පේනවා නේද මගෙ දුප්පත් අන්තර්ජාල සේවාවේ වේගය. හුගක් අඩුයි. ඉතින් අපි බලමු මේක වැඩි කරගන්නෙ කොහොමද කියලා. මුලින්ම Option වල Preferencces වලට යන්න. ඒකේ තියන Connection කියන ටැබ් එකට යන්න. එතනදි ඔයාලට පෝට් අංකයක් පෙනෙයි. ඒක 45682 ලෙස වෙනස් කරන්න. 

ඊලගට පහල තියන සේවාවන් ක්‍රියාත්මක කරන්න. (ටික් වැටිලා තියෙන්නෙ ඕනේ)
  • Enable UPnp port-mapping.
  • Enable NAT-PMP port mapping.
  • Add windows Firewall exception.
ඊලගට Bandwidth කියන එකට යන්න. එතනදී පහල රතු පාටින් දක්වලා තියන වෙනස් කම් කරන්න.
  • Global max no. of connections=130
  • Max no. of connected peers per Torrent=70
  • No. of upload slots per torrent=3
ඊලගට Bittorrent ටැබ් එකට යන්න එතනදිත් පහල දක්වලා තියන ඒවා ටික් වෙලා තියනවාද බලන්න.
  • Enable DHT Network
  • Enable DHT for new torrents
  • Enable local Peer Discovery
  • Enable bandwidth management9uTP]
  • Enable UDP tracker support
  • Ask tracker for scape information
  • Enable Peer Exchange
  • Enable outgoing Protocol Encryption.


 ඊලගට Queueing ටැබ් එකට යන්න. පහල රතු පාටින් දක්වලා තියන ඒවා ඒ ආකාරයෙන් වෙනස් කරන්න.
  • Max no of active torrents = 2
  • Max no of active downloads = 1 
  • Min Ratio = 150
  • Min Seeding time(Minutes) = 0

ඉන්පසු ටැබ් එකට යන්න.එතනදී net.max_halfopen කියන් කොටස තෝරන්න. ඒකේ අගය 90 ලෙස වෙනස් කරන්න. 

ඊලගට අපි බාගත කරන ටොරන්ට් ගොනුව මත right Click කරන්න. එතනදි ලැබෙන මෙනුවෙන් bandwidth Allocation = High ලෙස තෝරන්න.

ඉතින් ඔන්න අපේ සැකසුම් අවසානයි. දැන් බලන්න බාගත කිරීමේ වේගය වැඩි වෙලා තියන ආකාරය. 

හරි, ඔයාලා බාවිත කරන අන්තර්ජාල ගිණුමේ වේගය අනුව මේ වේගය ගොඩක් වැඩි කරගන්න පුලුවන්. හැබැයි අපි බාගත කරන ගොනුවට අදාලව සීඩ්ස් තියෙන්නෙ නම් ඕනේ. එහෙනම් උත්සාහ කරලා බලන්න. සුබ දවසක්...! 

~~~~~ HelpITLanka ~~~~~
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.

0 comments:

Popular Posts

FaceBook

www.facebook.com/hacker.Jm

Flag Counter

Flag Counter

Followers

About Me

යහලුවනේ මම යහලුවන්ට වැදගත් කියල හිතෙන ලිපි දාලා තියෙනවා. මීට මම ඉෂාන් එම්. ජයමහ
Powered by Blogger.